I දේශපාලන වාර්තාකරු
රාජ්‍ය සේවයේ කටයුතු පුළුල් කරමින් ජනවාරි මාසයේ සිට නව රාජ්‍ය දෙපාර්තමේන්තුවක් ස්ථාපිත කිරීමට රජය තීරණය කර ඇත.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා විසින් නව දෙපාර්තමේන්තුව ස්ථාපිත කිරීමට අදාළ මූලික සැලසුම් දැනටමත් සකසමින් සිටී.
මෙම දෙපාර්තමේන්තුව පිහිටුවනු ලබන්නේ ඉතා දුප්පත් පවුල්වල තරුණ තරුණියන් ලක්ෂයකට රැකියා සැපයීම වෙනුවෙනි. අ.පො.ස. සාමාන්‍ය පෙළ හෝ සමත් නැති වෘත්තීය නිපුණතාවක් ද නොමැති තරුණ තරුණියන් ලක්ෂයක් රැකියා සැපයීම සඳහා තෝරාගැනීමට නියමිත අතර ස්ථිර ආදායමක් නොමැතිවීම ඔවුන්ගේ මූලික සුදුසුකමය. මේ අයගේ දිළිඳුකම ගැන සහතිකයක් ග්‍රාමසේවා නිලධාරී විසින් ලබාදිය යුතුය. මෙලෙස බඳවාගනු ලබන තරුණ පිරිසට රජයේ කම්කරු ශ්‍රේණිවලට ගෙවන වැටුප ගෙවීමට නියමිතය.
ආචාර්ය පී.බී. ජයසුන්දර මහතාගේ උපදෙස් මත මෙයට අදාළ මූල්‍ය ප්‍රතිපාදන දැනටමත් වෙන්කර ඇත. දිළිඳු පවුල්වල අයට රුකියා ලක්ෂයක් සැපයීම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ පොරොන්දුවක් ඉටු කිරීමකි.