ශ්‍රී ලංකා කර්තෘ සංසදය සහ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය එක්ව වාර්ෂිකව සංවිධානය කරන ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන - 2018 උළෙලේදී මෙවර දේශය පුවත්පතටද සම්මාන දෙකක් හිමිවිය. වසරේ හොඳම පිටු සැකසුම සහිත පුවත්පතට හිමි සම්මානයද වසරේ හොඳම සෞඛ්‍ය තොරතුරු වාර්තාකරණය වෙනුවෙන් වූ සම්මානය (සිංහල මාධ්‍ය) ද දේශය පුවත්පත මගින් එසේ හිමිකරගනු ලැබීය.
වසරේ හොඳම සෞඛ්‍ය තොරතුරු වාර්තාකරණ සම්මානය දේශය නියෝජ්‍ය විශේෂාංග කර්තෘ සුගත් පී. කුලතුංගආරච්චි මහතා විසින්ද වසරේ හොඳම පිටු සැකසුම සහිත පුවත්පතට හිමි සම්මානය දේශය (පිටු සැකසුම්) ජ්‍යෙෂ්ඨ නිෂ්පාදන සහකාර ධනුෂ්ක විජේසිරි මහතා විසින්ද ලබාගත් අවස්ථා මෙහි දැක්වෙයි.
♦ සුමුදු හේවාපතිරණ