I ආරක්ෂක වාර්තාව
පැහැර ගැනීමට ලක්වූ බව කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල සේවිකාව විසින් රහස් පොලීසියට ලබාදුන් පරස්පර විරෝධී ප්‍රකාශ සම්බන්ධයෙන් නීතිපතිවරයාගෙන් උපදෙස් ලබාගැනීමට පොලීසිය තීන්දු කර ඇත.
මේ සම්බන්ධයෙන් පසුගිය සිකුරාදා පොලිසිය විසින් මහේස්ත්‍රාත් අධිකරණයට බී-වාර්තාවක් මගින් කරුණු ඉදිරිපත් කළේය. එහි සඳහන් වූයේ මෙම කාන්තාව කියන ආකාරයේ අපරාධමය ක්‍රියාවක් සිදුව නැති බවයි.පැහැරගත්තා යැයි මුලින් කියූ කතාව වාර ගණනක් වෙනස් කරමින් ඇය විසින් විවිධ ප්‍රකාශ කර තිබේ. පැහැරගත් ස්ථානය ඉන්පසුව කළ කී දේ ගැන බරපතළ කාරණා හෙළිදරව් කර ඇතැයි ආරක්ෂක අංශ කියයි.
කෙසේ වෙතත් ඇය වාර ගණනාවකදී කරන ලද ප්‍රකාශ එකිනෙකට පරස්පර බැවින්ද ඇයගේ පැහැර ගැනීමේ කතාව විශ්වාස කිරීමට අපහසු බැවින්ද එය ව්‍යාජ පැමිණිල්ලක් විය හැකි බවට නිගමනය කර ඇති ආරක්ෂක අංශ ඒ ගැන නීතිපති උපදෙස් අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.