2019 දෙසැම්බර් 07 වන සෙනසුරාදා

සජිත්ට පක්ෂ නායකකමක් ඉල්ලයි?

 2019 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 12:30 224

I දේශපාලන වාර්තාකරු

එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ලබන 20 වැනිදා විදේශගත වීමට පෙර පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය කැඳවා එජාප නායකත්වය ගැන අවසන් තීරණය ගන්නා ලෙස ඔහුගෙන් ඉල්ලා සිටීමට පක්ෂයේ බහුතර මන්ත්‍රී පිරිසක් තීන්දු කළ බව එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට පැවසීය.

පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම විසින් විපක්ෂනායක ධුරයට සුදුස්සා තෝරා ගැනීමටත්, කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් නව පක්ෂ නායකයකු තෝරාගැනීමටත් තීරණය කරනු ලැබුවේ පසුගියදා අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ නිවසේ පැවති විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමකදීය. ඒ සඳහා මන්ත්‍රීවරැ 45 දෙනකු සහභාගී වී ඇතැයි දැනගන්නට ඇත.

අප වෙත ලැබෙන නිල නොවන ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙකී මන්ත්‍රී කණ්ඩායම් පක්ෂනායක ධුරයටත් සම විපක්ෂ නායකධුරයටත් සජිත් ප්‍රේමදාස මහතා පත්කරගන්නට තීන්දු කර ඇති බවයි. පක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා දැනටමත් සජිත් ප්‍රේමදාස මහතාට විපක්ෂනායක ධුරය පැවරීමට කැමැත්ත පලකර ඇත. පක්ෂ නායක ධුරය ගැන කිසිදු තීරණයක් ගෙන නැත.

 

 2025 ජුලි 26 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජුලි 05 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජුලි 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 12 වන සෙනසුරාදා, ප.ව. 02:01