දේශපාලන වාර්තාකරු Ι
කැබිනට් අමාත්‍යවරුන් 15 දෙනොගේ සහායට රාජ්‍ය අමාත්‍යවරුන් 30 දෙනකු ලබන සඳුදා පත් කෙරෙන බව අමාත්‍ය මණ්ඩල කාර්යාලය පවසයි. එක් අමාත්‍යංශයකට රාජ්‍ය ඇමැතිවරුන් දෙදෙනෙක් පත් කෙරෙති.
ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අන්තර්වාර ආණ්ඩුවේ මැති ඇමැති පිරිසක 45කට සීමාවෙයි. ලබන මාර්තු මස 01දා තෙක් එම අන්තර්වාර රජය ක්‍රියාත්මක වන අතර මාර්තු 01දා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මැතිසබය විසුරැවා හැර මහ මැතිවරණයක් කැඳවීමට නියමිතය