I හසිත් අංජන
ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරන ලද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි දේශපාලන සන්ධානයක් සඳහා තමන්ට ආරාධනා කළහොත් ඒ ගැන සලකා බැලීමට සූදානමින් සිටින බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා දේශයට පැවසීය.
කෙසේ වුවද ඉදිරි මහ මැතිවරණය හෝ වෙනත් ඕනෑම මහ මැතිවරණයක් තනිව තරග කිරීම තම පක්ෂයේ සැලසුම යැයි ද ඔහු සඳහන් කළේය.
තම පක්ෂයේ අරමුණ මෙරට දෙමළ ජනතාවට බලපාන ප්‍රශ්න සහ ජාතික ගැටලුව විසඳා ගැනීම වෙනුවෙන් පෙනී සිටීම යැයි සුමන්තිරන් මහතා වැඩිදුරටත් කීය.