2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා

ආරක්ෂක අංශයේ මහ පුටු පෙරළියක්

 2019 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 12:30 83

I ගයාන් ගාල්ලගේ

ත්‍රිවිධ හමුදාව ඇතුළු පොලීසියේ ඉහළ පුටු රැසක වෙනස්කම් කිහිපයක් ඉදිරි සති කිහිපය තුළ සිදුකිරීමට ආරක්ෂක අමාත්‍යංශය තීරණය කර ඇත.

ඇතැම් සේනාංක, කොට්ඨාස සහ ඒකක තුළ සිය වගකීම් නිසිලෙස ඉටු නොකළ සහ අඩු ලුහුඬුකම් ඇති ප්‍රධානීන් රැසක් එම තනතුරුවලින් ඉවත් කිරීමට තීරණය කර ඇතැයි සඳහන් වේ.

විශේෂයෙන් රාජ්‍ය බුද්ධි ඒකකය, ජාතික බුද්ධි කොට්ඨාසය, හමුදා බුද්ධි අංශය යන බුද්ධි අංශත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය ඇතුළු පොලිස් කොට්ඨාස කෙරෙහි නව ආරක්ෂක ලේකම් කමල් ගුණරත්ත මහතාගේ වැඩි අවධානය යොමුවී ඇත.

ඒ අනුව ඉදිරි සතිය තුළ අදාළ අංශ වෙත සුදුසු සහ අත්දැකීම්වලින් පරිපූර්ණ නිලධාරීන් යෙදවීමට ආරක්ෂක අමාත්‍යංශය දැනටමත් තීරණය කර තිබේ.

 2025 ජුලි 26 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජුලි 05 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජුලි 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 12 වන සෙනසුරාදා, ප.ව. 02:01