2019 නොවැම්බර් 09 වන සෙනසුරාදා

සජිත්ට කිසිම අභියෝගයක් නෑ - ඇමැති වජිර අබේවර්ධන

 2019 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 12:30 31

හසිත් අංජන Ι

ජනාධිපතිවරණ ජයග්‍රහණය සම්බන්ධව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ (හංසයා) අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට කිසිදු අභියෝගයක් එල්ල වී නැතැයි ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාළන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා දේශයට පැවසීය. 

ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන්ගෙන් පරිණත දේශපාලනයක නිරත වන්නේ සජිත් ප්‍රේමදාස මහතා පමණක් බවත් ඔහු වටා එජාපයේ සියලු දෙනා ඒකරාශීව සිටින බැවින් පක්ෂ මාරුකිරීම් සම්බන්ධව පැතිරෙන කටකතා සියල්ල අසත්‍ය බවත් වජිර අබේවර්ධන අමාත්‍යවරයා සඳහන් කළේය.

සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ව්‍යාපාරය තුළ කිසිදු බේදයක් නොමැති බැවින් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ, කනිෂ්ඨ සියලු මැති ඇමැතිවරුන් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය උදෙසා ප්‍රාදේශීය මට්ටමින් ජනතාව දැනුම්වත් කිරීමේ කටයුතුවල නිරතව සිටින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.