දේශපාලන වාර්තාකරු l
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ හමුවක් සිකුරාදා දහවල් සිදුවිය. ජනාධිපති අරමුදලේ පාලක මණ්ඩල රැස්වීමට ජනපති කාර්යාලයට ගිය රාජපක්ෂ මහතා එම රැස්වීමෙන් අනතුරුව ජනාධිපතිවරයා සමඟ විශේෂ හමුවකට එක්විය. පැය 1/2 කට අධික වේලාවක් පැවතීමේ හමුවේදී ඉදිරි ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ගැන විශේෂ තීරණ ගණනාවක්ම ගත් බව දැනගන්නට ඇත.
එහිදී ජනාධිපතිවරයාගෙන් අපේක්ෂා කරන සේවාව ගැන මහින්ද රාජපක්ෂ මහතා කරුණු දැක්වීය. මෛත්‍රීපාල ජනාධිපතිවරයා ද ඊට සුභදායී ප්‍රතිචාරයක් දක්වා තිබේ.
මේ දෙදෙනා පමණක් සහභාගී වූ සාකච්ඡාව ඉතාමත් රහසිගතව සංවිධානය කර තිබිණි.