2019 ඔක්තෝබර් 19 වන සෙනසුරාදා

මහේෂ් රොහාන් අනුර කුමාරගේ සහායට එති?

 2019 ඔක්තෝබර් 19 වන සෙනසුරාදා, ප.ව. 12:30 687

I ගයාන් ගාල්ලගේ

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට සහයෝගය දැක්වීමට වෙනත් අපේක්ෂකයන් දෙදෙනකු වන හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක සහ ආචාර්ය රොහාන් පල්ලේවත්‍ත මහතා සාකච්ඡා කරමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මහේෂ් සේනානායක මහතාගේ පක්ෂයේ සමාජිකයන් සහ රොහාන් පල්ලේවත්ත මහතාගේ පක්ෂයේ සාමාජිකයන් අතර මේ පිළිබඳව සාකච්ඡා සිදුකර ඇති අතර ඉදිරි දිනකදී ජාතික ජන බලවේගයේ සාමාජිකයන් සමඟ සාකච්ඡා කිරීමට නියමිත බව එහි ප්‍රකාශකයෙක් දේශයට පැවසීය. එකී සාකච්ඡාවේදී අදාළ පාර්ශව සමඟ එකඟතාවයකට පැමිණීමෙන් පසුව අවසන් තීරණයකට එළඹෙන බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.

කෙසේ වෙතත් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පසුගියදා සඳහන් කළේ නාමයෝජනා ලබාදුන් අපේක්ෂකයන්ගේ නම් ඡන්ද පත්‍රිකාවට ඇතුළත් කර ඇති බැවින් ඔවුන් තරගයෙන් ඉවත්වූවා යැයි කියා එම නම් පත්‍රිකාවෙන් ඉවත් නොකරන බවය.