I හසිත් අංජන
පසුගිය මාස 2ක පමණ කාලය තුළ වෙළෙඳපොළෙහි රුපියල් 300ත් 350ත් අතර මිලකට අලෙවි වූ බොම්බයි ලූනු මිල මේ වනවිට රුපියල් 130ක් දක්වා අඩුවී ඇති බව වෙළෙඳපොළ ආරංචි මාර්ග පවසයි.
බොම්බයි ලූනු මිල පහළ ගියද රතුලූනු සහ සහල් මිලෙහි වැඩි වීමක් තිබෙන බව කොළඹ කොටුව තොග වෙළෙඳසල් හිමියෝ දේශයට පැවසූහ.
රුපියල් 150ත් 160ත් අතර මිලකට අලෙවි වූ රතුලූනු මේ වනවිට රුපියල් 180ත් 250ත් අතර මිලකට අලෙවි වන අතර සියලු සහල් වර්ගවල මිල රුපියල් 10කින් පමණ ඉහළ ගොස් ඇති බවද ඔවුහු සඳහන් කළෝය.