I දේශපාලන වාර්තාකරු
පොහොට්ටුව සමඟ සන්ධාන ගතවන සියලු පක්ෂ සමඟ පොදු සන්ධාන ගිවිසුම අස්සන් කිරීම මෙම මස 31දා ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී සිදුකිරීමට නියමිත බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
මෙම අවස්ථා දෙකටම ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සහ විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහත්වරු ඇතුළු පක්ෂ නායකයෝ එක්වෙති.
සන්ධානයට එක්වන පක්ෂ 20ත් සමඟ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය නමින් සන්ධාන ගතවෙයි. එහි නායකත්වය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාටත් සභාපතිත්වය වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටත් හිමිවනු ඇතැයි වාර්තා වෙයි.