I දේශපාලන වාර්තාකරු
ජනාධිපතිවරණයට නාමයෝජනා ඉදිරිපත් කළ කිසිදු අපේක්ෂකයකුට වෙනත් අපේක්ෂකයකු වෙත සහය පළකරමින් ඡන්ද සටනින් ඉවත්වීමට කිසිම නීතිමය හිමිකමක් නැතැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා දේශයට කීය.
ඔහු අප වෙත මෙම ප්‍රකාශය කළේ දැනට ජනාධිපතිවරණයට නාමයෝජනා භාර දී තිබෙන ඇතැම් අපේක්ෂකයන් වෙනත් ප්‍රධාන පෙළේ අපේක්ෂකයන්ට සහය පළකරමින් ඡන්ද සටනින් ඉවත් වීමට යන බවට ලැබුණු තොරතුරු සම්බන්ධයෙන් කළ විමසීමකදීය.
නිත්‍යනුකූලව නාමයෝජනා භාරගැනීමෙන් අනතුරුව සියලුම අපේක්ෂකයන්ගේ නම් දැනටමත් ඡන්ද පත්‍රිකාවට ඇතුළත් කර ඇතැයි පැවසූ හෙතෙම ඒ සඳහා රජය විශාල වියදමක් දරා ඇතැයි ද කීය. යම් අපේක්ෂකයකුට එම නිසා එලෙස වෙනත් කෙනකුට සහය පළකරමින් ඡන්ද සටනින් ඉවත් වීමට හැකියාවක් නැතැයි අවධාරණය කළේය. එය යුක්ති සහගත නොවන බවද ඔහු පැවසීය