2019 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා

එක රටක්-එක දැයක් තේමාවෙන් මහේෂ් එයි

 2019 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා, ප.ව. 12:30 28

I සමන්ත ප්‍රදීප් විල්තෙර

එක රටක් එක දැයක් තේමාවෙන් ස්වකීය ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදක්වමින් සිය මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය ඉදිරි සතියේ දී ආරම්භ කරන බව ජාතික ජනතා ව්‍යාපාරයේ ජනපති අපේක්ෂක හිටපු හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මහතා දේශයට පැවසීය.

ජාතික ආරක්ෂාව හා ජාතික ආර්ථිකය දෙකක් නොවන එකම සංකල්පයක් බව පැවසූ ඒ මහතා අපනයන ආර්ථිකය සඳහා ප්‍රමුඛත්වය ලබාදෙමින් කටයුතු කරන බවත් දේශීය ආර්ථිකයට අවශ්‍ය ක්‍රමවේද ක්‍රියාත්මක කරන බවද කීය.
සෞඛ්‍ය ක්ෂේත්‍රය ප්‍රවර්ධනය හා කාන්තා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමටත් රටට යහපත් ජාත්‍යන්තර ප්‍රතිපත්ති මාලාවක් තුළ පාර්ලිමේන්තුව සකසන ව්‍යවස්ථාවක් යටතේ නිර්පාක්ෂික ස්වාධීන දේශ සේවකයකු ලෙස ජනාධිපතිවරයකු වශයෙන් කටයුතු කිරීමට සූදානමින් සිටින බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.