2019 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා

ශ්‍රී.ල.නි.ප - ගෝඨා තවත් ගිවිසුමක්

 2019 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා, ප.ව. 12:30 47

I දේශපාලන වාර්තාකරු

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ (පොහොට්ටුව) සමඟ සන්ධාන ගතවී සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපති ධූර අ‍පේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ තවත් ගිවිසුමක් අත්සන් කිරීමට නියමිතය. දැනට වෛද්‍ය පරීක්ෂණයක් සඳහා සිංගප්පූරුවට ගොස් සිටින ගෝඨාභය රාජපක්ෂ මහතා සති අන්තයේ මෙරටට පැමිණි පසු ඒ සඳහා දින නියම කර ගැනෙනු ඇත.

එහි මූලික කෙටුම්පත දැනටමත් සකස් කර ඇති අතර අද හෙටම අවසන් කෙටුම්පත සැකසීමට අදාළ සාකච්ඡා ආරම්භ කිරීමට නියමිතය. මෙම ගිවිසුම අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සකස් කරන ප්‍රතිපත්ති ප්‍රකාශනයට ශ්‍රී.ල.නි.පයේ යෝජනා ද එක් කෙරෙනු ඇත.