I ගයාන් ගාල්ලගේ
එළඹෙන ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පසුගිය සිකුරාදා (04) ඇප මුදල් තැන්පත් කර ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය වෙනුවෙන් ඒ මහතා මෙලෙස ඉදිරිපත් වීමට නියමිත අතර එයට ශ්‍රිලනිපයේ දැඩි විරෝධය එල්ල වී තිබේ.
මීට අමතරව පසුගිය සිකුරාදා නව ලිබරල් පක්ෂය වෙනුවෙන් රජිව් විජේසිංහ සහ ජාතික ජනතා ව්‍යාපාරය සඳහා හිටපු හමුදාපති මහේෂ් සේනානායක මහත්වරුද ඇප මුදල් තැන්පත් කළහ.
මේ වනවිට අපේක්ෂයන් 33 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර ඇත.