ජාතිය උදෙසා විශිෂ්ට සේවාවක් කළ ජාතියේ විශිෂ්යඨන්ට ජාතික සම්මාන පිරිනැමීම ලබන මාර්තු මස 20 වැනිදා නෙළුම් පොකුණ රඟහලේදී සිදුකෙරේ. යහපාලන රජය බලයට පත්වීමෙන් පසුව දැයේ පුරෝගාමීන්ට සම්මාන පිරිනැමෙන මුල් අවස්ථාව මෙයයි.
විවිධ ක්ෂේත්රවල විශිෂ්ඨ සේවාවක් කළ විද්වතුන්, කලාකරුවන්, සමාජ ප්‍රභූන් හා මහජන සේවකයන් ගණනාවකට මෙවර ජාතික සම්මාන පිරිනැමේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලයේ ජාත්‍යන්තර අපරාධ අධිකරණ විනිසුරු සී.ජී. වීරමන්ත්‍රි මහතාට ශ්‍රී ලංකාභිමාන්‍ය, සම්මානය පිරිනැමීමෙන් පසු කිසිදු අවස්ථාවක ජාතික සම්මාන පිරිනමා නැත.
I සංජීවිකා සමරතුංග