2017 මාර්තු 11 වන සෙනසුරාදා

විදුලියට ඉන්ධනවලට මිල සූත්‍ර

 2017 මාර්තු 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 54


 

ඉන්ධන හා විදුලිය බලය අලෙවිය කඩිනමින් මිල සූත්‍රයකට යටත් කරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රජයට දැනුම්දී තිබේ.

මෙයට පෙර අවස්ථාවකද මූල්‍ය අරමුදල රජයට දැනුම් දී තිබුණේ ජාත්‍යන්තර වෙළෙඳපොළේ මිල වෙනස්වීම අනුව මිල සූත්‍රය ක්‍රියාත්මක කළහොත් ඛණිජ තෙල් සංස්ථාව හා විදුලි බල මණ්ඩලේ පාඩුව අවම කරගත හැකි බවයි.

පසුගියදා මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රමුඛ රජයේ බලධරයන් හමුවූ මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස මේ බව දැනුම් දී ඇතත් ඉක්මණින් මිල සූත්‍ර ගෙන ඒම ගැන එකඟතාවයක් ඇති වී නැත.

I සංජීවිකා සමරතුංග