ගයාන් ගාල්ලගේ l
ජාතික ජනතා බලවේග සංවිධානයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ මංගල රැලිය ඔහු උපන් ගම් පියසෙන් ආරම්භ කරන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා දේශයට පැවසීය.
සිය නාමයෝජනා ඔක්තෝබර් මස 07 වැනිදා ලබාදීමෙන් අනතුරුව මංගල රැලිය අනුරාධපුර තඹුත්තේගම ප්‍රදේශයේදී සිදුකිරීමට සූදානම් කර ඇති බවද ඒ මහතා කීය.
කෙසේ වෙතත් ජනතා විමුක්ති පෙරමුණ විසින් ජනතාව දැනුවත් කිරීමේ මහජන හමු රැසක් දිස්ත්‍රික් මට්ටමින් මේ දිනවල පත්වාගෙන යයි.