භෞතික විද්‍යාඥ ස්ටීවන් විලියම් හෝකින් පිළිබඳ ඔබ අසා ඇති. ඔහුගේ මොළය ඇල්බට් අයින්ස්ටයින් තරමටම දැනුමින් විසල්ය. එහෙත් ඔහු රෝද පුටුවකට සීමා වූ ආබාධිතයෙකි. සිය ආබාධිත බව ජීවිතයේ සීමාවක් කර නොගත් හෙතෙම ස්වකීය සීමාවන්ගෙන් එපිටට යාමට තරම් අපූරැ මිනිසෙක් විය.
වරක් මාධ්‍යවේදියෙක් ආබාධිතයෙක් යනු කවුදැයි හෝකින්ගෙන් විමසීය. එවිට ඔහුගේ පිළිතුර වූයේ ආබාධිතයෙක් ලෙස ඇස් කන් නොපෙනෙන අතපය අවලංගු මනස නොමේරෑ කෙනෙක් හැඳින්වීම කිසිවිටෙක ගෝචර නොවන බවය. ඒ සියල්ලම නිසි ලෙස පිහිටා කුසීතයෙකු සේ යමෙක් ජීවත් වෙයිද ඔහු ආබාධිතයෙක් බව හෝකින්ගේ මතය විය. හෝකින් පිළිබද කතාවකට මුල පිරැවේ පසුගිය දිනක ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් වාණිජවේදී විශේෂ උපාධිය ලබාගත් සුවිශේෂ තරැණයෙකු නිසාවෙනි. ඔහු කේ.ඒ. කසුන් චාමරයි.
මාතර තෙලිජ්ජවිල කේ.ඒ. පියසිරි මහතාටත්, ආර්.කේ. මංගලිකා මහත්මියටත් දාව උපන් කුලුඳුල් පුතු වූයේ කසුන් චාමරය. ඒ 1990 සැප්තැම්බර් 25 වැනි දාය. එවකට පියසිරි මහතා රැහුණු විශ්වවිද්‍යාලයේ රියදුරෙකු ලෙසින් රුකියාවෙහි නියුක්ත විය.

&මට පුතා හම්බවුණේ මාස අටෙන්. සීසර් කරලා තමා පුතා ගත්තේ. ඉපදෙද්දී පුතාගේ බර ගොඩක් අඩුයි. ඒ කාලේ ස්කෑන් කරන්න එහෙම තාක්ෂණේ දියුණු නෑනේ. ඉතිං අපිට කලින් දැනගන්න ලැබුණෙත් නෑ. පස්සේ ඉතිං අපි පුතාව ගෙදර එක්ක ඇවිත් ගොඩක් පරිස්සම් කළා අඩු බර නිසා. මාසයක් දෙකක් යද්දී පුතා අනිත් ළමයි වගේ ක්‍රියාකාරකම් දැක්වුවේ නෑ. හැරෙන එක පෙරළෙන එක ඔළුව උස්සන එක මේ මුකුත්ම කළේ නෑ. ඊට පස්සේ තමා අපි ඩොක්ටර්ස්ලට පෙන්නුවේ. කොළඹත් ආවා. එතකොට කිව්වේ පුතාගේ මාංශ පේශි වර්ධනය වෙලා නෑ කියලා. කොහොමහරි අනිත් දරැවෝ වගේ පුතා ඇවිද්දේ කළේ මුකුත් නෑ. ඒ දේවල් නැති වුණාට පුතාට හොඳට මොළේ තිබුණා. ඇවිදගන්න බැරි එක විතරයි ප්‍රශ්නෙකට තිබුණේ. මේ ප්‍රශ්න නිසා අවුරැද්දක් පහුවෙලා තමා පුතාව ඉස්කෝලෙට බාර දුන්නේ.*
ඒ කසුන්ගේ ආදරණීය අම්මාය. කසුන්ට අයනු ආයනු ඇහිදින්න හයිය දුන්නේ ඒ රත්තරං අම්මාය. කසුන් මුලික අධ්‍යාපනය සඳහා ඇතුළත් වන්නේ දම්පැල්ල කණිෂ්ට විද්‍යාලයටයි. එහි විදුහල්පතිතුමත් ආචාර්ය මණ්ඩලයත් සිසු දරැ දැරියනුත් කසුන්ට හැමවිටම ශක්තියක් විය. ඉන් අනතුරැව 8 ශ්‍රේණියේ සිට කසුන් මාතර රාහුලයට ඇතුළත් වන්නේ එවකට රාහුල විදුහල්පති කිත්සිරි ලියනගමගේ මහතාගේ මඟපෙන්වීමෙනි.
&රාහුලේට පුතාව ඇතුළත් කළාම නම් ටිකක් බය හිතුණා. ඒ ඉස්කෝලේ ළමයි පුතාට කොහොම සලකයිද කියලා. ඒ වුණාට ගුරැවරැ ළමයි ඔක්කොම පුතාට හුඟක් ආදරෙන් සැලකුවා. පුතාට හොඳට ඉගෙන ගන්න පුළුවන්. අත් අකුරැ එහෙමත් ලස්සනයි. පොඩි කාලේ අත් අකුරැ තරගවලින් දිනලත් තියෙනවා. පුතා විභාගේ සමත්ෙවයි. කියන විශ්වාසෙ නම් මට තිබුණා.*
මේ වන විට පල දරා ඇත්තේ මංගලිකාගේ ඒ විශ්වාසයයි.
&අම්මා තමා මාව වඩාගෙන ඉස්කෝලෙට එක්ක ගියේ. ඉස්කෝලේ ගුරැවරැ යාළුවො ගොඩාක් උදව් කළා. ඒ ගැන නම් කියන්න වචන නෑ. මම ඉස්කෝලේ යන කාලේ වෙස්ටන් මියුසික් කළා. මට ඕගන් ගහන්නත් පුළුවන්. මම ඕ ලෙවල්වලට ටියුෂන් ගියේ නෑ. A 3 B 5 C 2ක් එක්ක මම O/L සමත් වුණා. ඊට පස්සේ මම A/L වලට තෝරගත්තේ කොමස්. කොමස්වලත් මම බිස්නස් ස්ටඩෙීවලට ක්ලාස් ගියේ නෑ. එකවුන්ට්, ඉකෝන් ඉස්කෝලේ සර්ලා දෙන්නෙක් ගෙදරටම ඇවිත් ඉගැන්නුවා.*
2010 වසරේ උසස් පෙළ ලියන කසුන් A 1 B 2ක් සමගින් උසස් පෙළ කඩඉම ජය ගන්නේ සුවහසක් සිසු සිසුවියන්ටද ආදර්ශයක් වෙමිනි. උසස් පෙළින් අනතුරැව ජයවර්ධනපුර සරසවියේ කසුන්ට දොරටු විවර වෙද්දී මොන්ටිසොරියේ සිට උසස් පෙළ වනතෙක් වඩාගෙන පාසල් එක්ක ගිය කසුන්ගේ මව ඔහු හා විශ්ව විද්‍යාලයට යන්නත් එකතු වූයේ පුතුගේ සෙවණැල්ල තමන් බව හොඳාකාරවම දන්නා නිසාවෙනි.
&2011 ඔක්තෝබර් පුතාව කැම්පස් එකට තේරැණේ. කැම්පස් එකට තේරැණාමත් ටිකක් බය වුණා. මොනවගේ තත්ත්වයක් ඇතිවෙයිද කියල. ආර්ථික අපහසුකම් එහෙමත් ගොඩක් තිබුණා. ඒත් අපි බැලන්ස් කරගත්තා. මේ පුතාට බාල තව පුතාල දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නටත් හොඳට ඉගෙන ගන්න පුළුවන්. ඉතිං මම පුතා එක්ක කැම්පස් එකට කිට්ටුවෙන් කාමරයක් අරන් ආවා. පුතාගේ තාත්තත් අවුරැද්දකට පස්සේ මෙහෙ කැම්පස් එකේම ඩ්‍රයිවර් කෙනෙක් විදිහට මාරැවක් අරන් ආවා. මම උදේට ත්‍රීවිල් එකක පුතාව කැම්පස් එකට එක්ක යනවා. පුතාට කැම්පස් එකෙත් යාළුවො ගොඩක් උදවු කළා. ගුරැවරැත් ඒ වගේමයි.*
ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපතිතුමන් වන මහාචාර්ය සම්පත් අමරතුංග හා කළමනාකරණ අධ්‍යයන වාණිජ විද්‍යාපීඨයේ පීඨාධිපතිතුමන් වන ආචාර්ය අනුර කුමාර ඇතුළු සියලුම ආචාර්ය මඩුල්ලත් විශ්වවිද්‍යාල සිසුන්ද කසුන්ට, කසුන්ට උපකාර කළේය.
&මට අනික් ළමයි වගේ ඇවිදින්න බැරි එක ගැන නම් ලොකු දුකක් දැනුණා. ඒත් පස්සේ මම හිතුවා මම කොහොමහරි ඉගෙනගන්නවා කියලා. මට කැම්පස් එකේ ගුරැවරැන්ගෙනුයි යාළුවන්ගෙනුයි ලැබුණු සහයෝගය නම් කියන්න වචන නෑ.*
කසුන්ට ඒ වෙනුවෙන් ස්තුති පූර්වක වීමට තරම් සැබවින්ම සිංහල භාෂාවේ වචන නැත. ඔහු ඒ තරමටම තමන් හැර නොයා පසුපස සිට දිරි දුන් සියල්ලන්ටම තුති පුදන්නේය. ගෙවුණු අගෝස්තු තුන්වනදා කසුන්ගේ ජීවිතයේ නොමැකෙන දිනයකි. බණ්ඩාරනායක අනුස්මරණ ශාලාවේදී කසුන් චාමර, අභියෝගාත්මක වසර ගණනාවක මහත් වූ අග්‍ර ඵලය භුක්ති විදීමට සමත් විය.
&එදා මට ගොඩක් සතුටු හිතුණා. මගේ අම්ම තමා මොන්ටිසොරියේ ඉඳලා කැම්පස් එකට එනකල්ම මාව වඩාගෙන එක්ක ගියේ. අන්තිමට මම දිනුවා. මට ක්ලාස් එකක් නම් ගන්න බැරි වුණා. එදා රාජිත සේනාරත්න ඇමැතිතුමා කිව්වා මාව පිටරටක යවලා සනීප කරනවා කියලා. මට ජොබ් එකකුත් දෙනවා කිව්වා. මම ආසයි බැංකු හා මුල්‍ය ක්ෂේත්‍රයේ ජොබ් එකක් කරන්න. එතකොට මට එකතැන ඉඳගෙන කරන්න පුළුවන්නේ.*
කසුන් චාමර මෙරටට ණය නැති පුතෙකි. ජීවිතය වසාගත් අඳුරැ පැතිකඩක් තිබුණද ඔහු එතනින් ආලෝකයේ දොරටුවම සොයා යන්නට තරම් ජගතෙක් විය. ඒ අසීරැ ගමනට ඔහුගේ මව අත්වැල් ඇල්ලුවාය.
“අපි ගෙදර පස් දෙනාම මෙහෙ කුලියට ගෙයක් අරන් ඉන්නේ. දෙවෙනි පුතා IT සම්බන්ධයෙන් පාඨමාලාවක් කරනවා. බාල පුතා උසස් පෙළ කරනවා එන අවුරැද්දේ.*
ආර්ථික අපහසුකම් ඔවුන්ට ඕනෑවටත් වඩා ඇත. එහෙත් දෙමව්පියන් වශයෙන් ඔවුහු දරැවන් වෙනුවෙන් සිය යුතුකම් ඕනෑවටත් වඩා ඉටු කර ඇත. උපන් ගමන් පෙකණිවැලෙන් ඔතා කිරි දරැවන් මරණ මෙවන් රටක කසුන්ගේ මව විස්ස ඉක්මවූ මේ තරැණ පුතනුවන්ව වඩාගෙන ඔහුට සිප් කිරි පෙවූ සැබෑම මවකි. කසුන්ද ඈට පසුතැවෙන්නට යමක් ඉතුරැ කළේ නැත. ඔහු අප සියල්ලටම මහා දිග කතාවක් සිතන්නට සලස්වා ඇත.
මේ වනවිටත් උසස්පෙළ විභාගය පැවැත්වෙයි. අනික් සැරේ ගොඩ යනවා කියා සිතා සැනහෙන දාහක් දරැවන් හෙටත් විභාගයට පෙනී සිටිනු ඇත. දෙවෙනි සැරයකට ඔබ ජීවිතේ අනාගතය බාර නොකරන්න. ජීවිතේ සිහිනවලට ඇහැරෙන්න ඉඩ දෙන්න. කසුන් චාමර අපට කියන කතාව එයයි.
තනුජා ලුම්බිණි