2019 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා

කොළඹ මහ නගර සභා අතිකාල දීමනාව කෝටි 70 යි

 2019 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 12:30 47

I ජයන්ත සමරකෝන්

කොළඹ මහ නගර සභාව පසුගිය මාස 8ට අතිකාල දීමනා වෙනුවෙන් පමණක් රුපියල් කෝටි 70ක් වැයකර ඇතැයි එහි භාණ්ඩාගාරික දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනාවරණය කරයි.

නගර සභාවේ සේවකයන් 800ක් සඳහා මාසිකව වැටුප් වශයෙන් රුපියල් කෝටි 30ක් වෙන්කර ඇතැයිද සඳහන් වේ.
අතිකාල කප්පාදුවන් කර ඇතැයි කියමින් පසුගියදා රියැදුරු කම්කරු අංශවලින් දැඩි විරෝධයක් මතුවුවද වැඩිම පිරිසක් සේවය නොකර අතිකාල ලබාගන්නා බවට එහි නිලධාරීහු චෝදනා කරති.

එම අංශවල සේවකයන්ට ඇඟිලි සලකුණු යන්ත්‍ර පාවිච්චියට උපදෙස් ලබාදීම මෙම විරෝධයට තවත් හේතුවක් බවද එම නිලධාරීහු පෙන්වා දෙති.

කොළඹ මහ නගර සභාවේ බැංකු අයිරාව මේ වනවිට රුපියල් මිලියන 1800 ඉක්මවා ඇතැයිද වාර්තාවේ. මේ පිළිබඳව නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර මහාතාගෙන් විමසූ විට ඒ මහතා කියා සිටියේ නගර සභාවේ කණිෂ්ඨ සේවකයන් වැඩි පිරිසක් පැය 8 සේවාව පවා නොකරන බවය.