2019 සැප්තැම්බර් 21 වන සෙනසුරාදා

අපේක්ෂකයෝ 06ක් ඇප මුදල් බඳිති

 2019 සැප්තැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 12:30 271

හසිත් අංජන I

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වීමට බලාපොරොත්තු වන අපේක්ෂකයන් 6 දෙනෙකු සිකුරාදා සවස් වනවිට මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තුවේ ඇප මුදල් තැන්පත් කර තිබූ බව දේශයට වාර්තා වේ.

ඒ සම්බන්ධව කරුණු දැක්වූ මැතිවරණ කොමිසමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා, හිටපු මන්ත්‍රීවරුන් වන අපරැක්කේ පුඤ්ඤානන්ද හිමි, ජයන්ත කැටගොඩ, එස්. අමරසිංහ, ආචාර්ය අජන්තා පෙරේරා, වැලිසරගේ සමන් ප්‍රසන්න පෙරේරා යන අය ඇප තැන්පත් කර ඇති බව සඳහන් කළේය. 
ජනාධිපතිවරණය සඳහා ඇප තැම්පත් කිරීමේදී ස්වාධීන අපේක්ෂකයකු රුපියල් 75000ක මුදලක් ද පිළිගත් දේශපාලන පක්ෂ නියෝජනය කරන පුද්ගලයකු රුපියල් 50000ක මුදලක් ද තැන්පත් කළ යුතුය. 

ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් භාර ගැනීම මෙම මස 19 වැනි දින ආරම්භ වූ අතර එය ලබන මස 6 වැනිදා මධ්‍යහන 12න් අවසන් වේ.