2019 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා

උතුරු පළාතටත් පොහොට්ටු ශාඛා

 2019 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 12:30 38

I දේශපාලන වාර්තාකරු

ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන උතුරු පළාතේ පොහොට්ටුව පක්ෂයේ ශාඛා සමිති පිහිටුවීමට එම පක්ෂයේ මන්ත්‍රීන් 39 දෙනකු ලබන සතියේ මන්නාරම, යාපනය, මුලතිව්, කිලිනොච්චි හා වව්නියා දිස්ත්‍රික්කවලදී සිදුකරන බව පොහොට්ටුව ප්‍රකාශකයෙක් දේශයට කීය.

අනුර යාපා, සුසිල් ප්‍රේමජයන්ත, මහින්දානන්ද අලුත්ගමගේ, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, නිමල් ලංසා, අරුන්දික ප්‍රනාන්දු ඇතුළු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රී පිරිසක් මෙයට එක්වෙති. ඔවුන් ලබන 15,16,17 යන දින තුනේදී අදාළ දිස්ත්‍රික්කවල පොහොට්ටුව ශාඛා සමිති පිහිටුවීම දෙමළ හා මුස්ලිම් ජන කණ්ඩායම් දැනුවත් කිරීම පියවර දෙකකදී සිදුකිරීමට නියමිතය. පොහොට්ටුවේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාගේ මෙහෙයැවීමෙන් මෙම කටයුතු සංවිධාන කෙරෙන අතර විශේෂ පරිගණක තාක්ෂණික මෙහෙයුම් ජාලයක් ඔස්සේ එහි සියලුම කටයුතු අධීක්ෂණය කෙරේ.