
කොන්ක්‍රීට් ඇතිරෑ පටු මාවත ගම්මානය මැදින් දිව යයි. සුන්දර වෙල් යායක් මායිමට වන්නට වූ කෙළවර පුංචි කඳුගැටයකි. මේ උස්බිම් කඩ මත පිහිටි සුදෝ සුදුවස්ව ඈතට පෙනෙන්නට වූයේ ගමටම ආශිර්වාදයක් බඳු බෝධිරැක්ඛාරාම විහාරස්ථානයේ චෛත්‍යයයි. පන්සල් බිමේ පුදදෙන මල්, පහන්, සුවඳ දුම්වල සුගන්ධය වෙල්යාය පිස හමන සුළඟට මුසුවී ගම්මානය පුරා හමා යන්නේ නිතැතින්මය.
හක්මන පනන්වෙල නැගෙනහිර ගමේ එකම පූණ්‍ය භූමිය වූ ශ්‍රී බෝධිරැක්ඛාරාම විහාරස්ථානයේ සාමණේර හිමිවරැන් පස්දෙනකු සමඟ වැඩිහිටි ස්වාමින් වහන්සේ නමක් වැඩ සිටියහ.
නව යොවුන්විය එළිපත්තේ සිට සාමණේර ස්වාමින් වහන්සේලා නිසාම ගමේ තරැණ පිරිස පන්සල හා නොමඳ ඇසුරක් පවත්වාගෙන යමින් සිටියහ. මේ අතර පන්සලේ ඇබිත්තයා ලෙස කටයුතු කරමින් සිටි ගමේම පදිංචිකරැවෙක් වන මැදිවියේ අයෙක් නිරතුරැවම පන්සල් බිමේ රුඳී සිටියේය. ඔහු විහාරාධිපති ස්වාමින් වහන්සේට බොහෝ සේ ඇළුම් කරමින් උන්වහන්සේට කුළුපගව කටයුතු කළ අයෙකි. මේ නිසාම ඇබිත්තයා සාමණේර හිමිවරැන්ගේ අඩුපාඩු දකින්නටත් විවේචනය කරන්නටත් ඉන් නොනැවති ඒවා විහාරාධිපති හිමියන් හමුවේ පවසන්නටත් පුරැදුව සිටියේය. මේ කරැණු කාරණා පිළිබඳ නිසි අවබෝධයකින් විහාරාධිපති හිමියෝ සියල්ල දෙස සාවධානව බලා සිටියහ.
පිරිවෙන් අධ්‍යාපනයේ නිරතව සිටි සාමණේර හිමිවරැ සවස් යාමයේ විහාරාධිපති හිමියන්ගෙන් ලබන ධර්ම අධ්‍යාපනයට පසුව නිදහසේ ගත කරන්නටද වේලාව සොයා ගත්හ. එසේ නිදහස භුක්ති විඳින සාමණේරයන් වහන්සේලා රෑපවාහිනිය නැරඹීමට පුරැදුව සිටියහ. ළමාවිය නොඉක්මවූ සාමණේර හිමිවරැන්ගේ මේ ක්‍රියා කලාපය පන්සලේ ඇබිත්තයා ලෙස කටයුතු කරමින් උන් තැනැත්තා ඒ තරම් ඉවසුවේ නැත. සාමණේර හිමිවරැ පන්සලට වැඩම කරන්නට කාලයකට පෙරාතුව පටන් පන්සලේ උන් ඇබිත්තයා කිසි විටෙකත් සාමණේරයන් වහන්සේලාගේ බසකට අවනත නොවූ චරිතයකි. ඔහු නිරතුරැවම විශ්වාස කරමින් සිටියේ තමා සාමණේර හාමුදුරැවන්ට වඩා වයසින් වැඩි නිසා උන්වහන්සේලා තමාට ගරැ කළ යුතු හා සැලකිය යුතු බවත්ය. විහාරාධිපති හිමියන් මේ පිළිබඳව ඇබිත්තයාට වරක් දෙවරක් තේරැම් කරන්නට උත්සාහ ගත්තද ඔහුගේ මන්දමානසික තත්ත්වය මත ඊට එහා පිළියමක් නොවූයෙන් උන්වහන්සේ නිහඬව බලා සිටියහ.
මෙසේ කාලය ගෙවෙමින් තිබියදී ඉකුත් 4 වැනි බ්‍රහස්පතින්දා සාමණේර හිමිවරැ සිටියේ දෛනික කටයුතු හමාර කරමින් ලද නිදහසේදී ආවාස ගෙයි පසෙක වූ රෑපවාහිනිය දෙස බලා ගෙනය. උන් වහන්සේලාගෙන් හිමිවරැ දෙනමක් වෙනත් කාර්යයක නිරතව සිටියහ. එදින රාත්‍රි 7.30ට ආරම්භ වූ වැඩසටහනක් රෑපවාහිනී නාලිකාවක විකාශ වෙමින් තිබියදී එය නැරඹීමට ප්‍රියකළ හිමිවරැ රෑපවාහිනිය ඉදිරියේ වූ පුටු කීපයකට බරව සිටියහ.
හිමිවරැන්ගේ මේ නිදහස් මොහොත නොරැස්සන ස්වරෑපයෙන් ආවාස ගෙයි ඇතුළත සිට පැමිණියේ ඇබිත්තයා ලෙස ක්‍රියා කරන තැනැත්තාය. දුර සිට මඳක් රෑපවාහිනිය ඉදිරියේ උන් හිමිවරැන් දෙස බලා සිටි ඔහු ඉදිරියට විත් කිසියම් කාර්යයක නිරත වූයේ සාමණේරවරැන්ට රෑපවාහිනිය අවහිර වන ලෙසය.
&මාමෙ.. අයින් වෙන්න අපිට ටීවි එක පේන්නෙ නෑ..* යනුවෙන් ස්වාමින් වහන්සේ නමක ඇබිත්තයා අමතමින් පැවසුවද ඔහුට එය වගක් වූයේ නැත. &මාමේ අයින්වෙන්න ඉස්සරහින්* සාමණේර හිමියන්ට කියන්නට හැකි වූයේ එපමණකි.
&උඹලා කොහොමද මාව අයින් කරන්නේ...* යැයි කියමින් ගෝරනාඩු කරන්නට වූ ඇබිත්තයා රෑපවාහිනිය ඉදිරියේ අසුන්ගෙන සිටි සාමණේර හිමිනමක් වෙත කඩා පැන්නේය. පසෙකින් අසුන්ගෙන සිටි කුඩා සාමණේර හිමිනම ඇබිත්තයාගේ හැසිරීමෙන් බියට පත්ව තුෂ්නිම්භූතව බලා සිටියහ.
ඇබිත්තයා අතපය දිගුකරමින් සාමණේරයන් වහන්සේ තරයේ අල්ලාගත්තේ දැඩි කේන්තියකිනි. මේ බව දුටු මතින් ඈතින් වෙනත් කාර්යයක නිරත වූ ස්වාමින් වහන්සේ නමක් දිව ආහ. උන්වහන්සේ ඇබිත්තයා එතැනින් ඉවත් කරන්නට උත්සහ කළා පමණය. ඇබිත්තයා තම ඉනේ සඟවාගෙන සිටි උල් පිහියෙන් එක්වරම අතට ගෙන ඉන් සාමණේර හිමිනමට පහර දෙන්නට තරම් සැහැසි වූවේය. සිදුවන විනාශය බේරීමට ඉදිරිපත් වූ හිමිනමක් පිහිපහරින් සුළු තුවාල ලැබූ අතර ගැටුමට මැදිවූ 16 හැවිරිදි සාමණේර හිමි නම ඇබිත්තයාගේ පිහි පහර වැඳීමෙන් බරපතළ ලෙස තුවාල ලැබූහ.
ආවාස ගේතුළ සිදුවන කාලගෝට්ටිය කුමක්දැයි බැලීමට මේ මොහොතේ දිව ආවේ පන්සල වෙත පැමිණ සිටි දායක සභාවේ පුද්ගලයන් දෙදෙනෙකි.. ඔවුන් දෙදෙනාගේ ඇස් පනා පිට ඇබිත්තයා සාමණේර හිමියන්ට පිහියෙන් පහර දුන්නේ කිසිදු අනුකම්පාවක් නොමැතිවමය. පසුගිය 4 වැනිදා රාත්‍රි 7.40ට පමණ සිදුවූ මෙම පහරදීමෙන් බරපතළ තුවාල ලබා සිටි ගල්ඇටුඹේ ඥානසිරි සාමණේර හිමියන් සෙසු ස්වාමින් වහන්සේලාගේ හා රුස්වූ දායක සභාවේ කීප දෙනකු විසින් වලස්මුල්ල රෝහල වෙත ඇතුළත් කරන්නට කටයුතු කළහ. මේ කලබලය අතරේ පන්සලේ ඇබිත්තයා පැනගොස් සිටියේ කාටත් නොදැනෙන ලෙසය.
සාමණේර හිමියන්ගේ තත්ත්වය බරපතළ බව වටහා ගත් වලස්මුල්ල රෝහලේ වෛද්‍ය කණ්ඩායම උන්වහන්සේ වැඩිදුර ප්‍රතිකාර සඳහා තංගල්ල රෝහලට පිටත් කර හරින්නට ක්‍රියා කළෝය. පනන්වෙල නැගෙනහිර ග්‍රාමයේම පදිංචි අවිවාහක පුද්ගයකු වූ ඇබිත්තයා අවුරැදු 46ක අයෙකි. තුවාල ලැබූ හිමිනමගේ අසාධ්‍ය තත්ත්වය මත රෝහල් පොලීසිය සිද්ධිය හක්මන පොලිස්ථානය වෙත වාර්තා කළේය. එම පොලීසිය විමර්ශනයක් ආරම්භ කළේය. මෙහිදී සාක්‍ෂි සටහන් කරගත් පොලීසිය හමුවේ සිද්ධිය ඇසින් දුටු සාමණේර හිමිනමක හා ඒ මොහොතේ පන්සලේ රුඳීසිටි දායක මහත්වරැන් දෙදෙනකු පවසා තිබුණේ ඇබිත්තයාගේ ඉණේ සඟවාගෙන සිටි පිහියකින් හිමිනමට පහර දුන් බවය.
සිද්ධියෙන් දින කීපයක් ගතවනතුරැත් සැකකාර ඇබිත්තයා පිළිබඳව තොරතුරක් වාර්තා නොවූයේ ඔහු ප්‍රදේශයෙන් පලාගොස් සිටි බැවිනි. කෙසේවෙතත් සිදුවීම පිළිබඳ කම්පාවෙන් පසු වූ ඇබිත්තයාගේ ඥාතීන් පිරිසක් ඔහු සොයාගෙන ගොස් පහර දී දින තුනකට පසුව ඔහු පොලීසිය වෙත රුගෙන ආහ. එහිදී පොලිස් අත්අඩංගුවට ගත් ඔහු මන්දමානසික තත්ත්වයෙන් පෙළෙන අයකු යැයි ඥාතීන් පැවසූ බවද පොලීසිය කියයි.
කෙසේවෙතත් ඇසින් දුටු සාක්‍ෂි තුනක් ඔස්සේ පරීක්‍ෂණ මෙහෙයවූ සැකකරැ අධිකරණයට යොමු කෙරැණු අතර එහිදී රැපියල් ලක්‍ෂයක ඇප දෙකක් මත සැකකරැ නිදහස් කිරීමට නියෝග කෙරිණි.
සිද්ධිය සම්බන්ධයෙන් හක්මන පොලීසිය පරීක්‍ෂණ පවත්වයි.
සමන්ත ප්‍රදීප් විල්තෙර