I දේශපාලන වාර්තාකරු
2019 වසරේ (වියත් මග) වාර්ෂික මහා සම්මේලනය අද (08දා) සවස 4.30ට කොළඹ ෂැංග්‍රිල්ලා හෝටලයේ දී පැවැත්වෙයි. මෙහි ප්‍රධානත්වය දරන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාය. වියත් මග වෘත්තීයවේදීන්ගේ එකමුතුවේ සභාපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විශේෂ දේශනය සමුළුවේ ප්‍රධාන කතාවයි.
දේශය බලගන්වන සැලැසුම එළිදක්වන මහ සමුළුව ලෙස මෙවර වියත් මග සමුළුව තේමාව සපයා තිබේ.
මේ අවස්ථාව සඳහා දිවයිනේ විවිධ ක්ෂේත්‍රවල විද්වත් වෘත්තිකයන්, ව්‍යාපාරිකයන්, කලාකරැවන් ඇතුළු සමාජයේ විවිධ තරාතිරම්වල පිරිස් එක්වන අතර අද උදෑසන සිට වියත් මග විද්වත් කමිටු 4ක් මගින් සංවාදයට ලක් කෙරෙන අදහස් ප්‍රධාන සමුළුවේ දී සංවාදයට භාජනය කිරීම විශේෂයකි.