I දේශපාලන වාර්තාකරු
ඉදිරියේ පත්වන ආණ්ඩුවකින් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කළ යුතු බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එකඟත්වයකට එළඹ සිටිති.
මෙම එකඟත්වයට පත්වූයේ පසුගියදා ජනාධිපතිවරයා සහ විපක්ෂනායකවරයා අතර පැවැති විශේෂ හමුවකදීය. මෙහිදී ජනාධිපතිවරයා පෙන්වා දී තිබෙන්නේ 19 වැනි සංශෝධනය මගින් ජනාධිපතිවරයා පමණක් නොව අගමැතිවරයා සහ කතානායකවරයාද රට පාලනය කරන්නට පටන්ගෙන ඇති බවයි. මෙලෙස බල කේන්ද්‍ර තුනක් නිර්මාණය වීම ආණ්ඩුවක ගැටුම් වැඩිවීමට ප්‍රධාන හේතුවක් යැයිද ඔහු පවසා ඇත. මෙහිදී මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇත්තේ 19 වැනි සංශෝධනය අනුමත කිරීමට පෙර එහි වගන්ති දැඩි පරීක්ෂාවකට භාජනය කළ යුතුව තිබූ බවය.