2019 අගෝස්තු 31 වන සෙනසුරාදා

ආණ්ඩුව තවත් බිලියන 100ක ණයක් ගනී

 2019 අගෝස්තු 31 වන සෙනසුරාදා, ප.ව. 12:30 147

ව්‍යාපාරික වාර්තාකරු l

මේ වසරේ රජය අපේක්ෂිත ආදායම් ඉලක්ක සපුරාගැනීමට නොහැකි වීම නිසා තවත් රුපියල් බිලියන 100ක පමණ ණය මුදලක් ලබාගැනීමට අදාළ සාකච්ඡා ආරම්භ වී ඇතැයි මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග කියයි.

අප වෙත වාර්තා වන ආකාරයට මේ වසරේ තුන්වැනි කාර්තුව අවසන් වනවිට රජයේ අපේක්ෂිත ආදායමෙන් රුපියල් බිලියන 300ක පමණ මුදලක හිඟයක් ඇතිවීම හේතුවෙන් ණය ගැනීමේ තීරණය ක්‍රියාත්මක කිරීමට යයි.

රජයට ණය ලබාගත හැකි ණය සීමාව දක්වා මේ වනවිටත් ණය ලබාගෙන ඇති බැවින් ළඟදීම පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කර රජයේ ණය සීමාව ඉහළ නංවාගැනීමෙන් පසු අදාළ ණය මුදල් ලබාගැනේ. එවිට රජය දැනට අඩුකර ඇති පොලී අනුපාත නැවත ඉහළ යනු ඇති බවට ආර්ථික විශේෂඥයන් අනතුරැ අඟවා තිබේ.