2019 අගෝස්තු 24 වන සෙනසුරාදා

ශවේන්ද්‍ර පත්කළාට එකට එක කරයි

 2019 අගෝස්තු 24 වන සෙනසුරාදා, ප.ව. 12:30 1398

I දේශපාලන වාර්තාකරු

උතුරේ මානුෂික මෙහෙයුමට නායකත්වය දුන් සේනාධිපතිවරයකු වන ශවේන්ද්‍ර සිල්වා මහතා යුද හමුදාපති ධූරයට පත්කිරීමට එකට එක කිරීමක් ලෙස මෙතෙක් අපේ හමුදාවට හිමිව තිබූ ජාත්‍යන්තර සාමසාධක හමුදා වරම අහිමිවීමේ අනතුරක් ඇතැයි තානාපති අංශ ආරංචි මාර්ග කියයි.

දැනට ශ්‍රී ලංකා හමුදා සෙබලු 415ක් පමණ ලෙබනනය, මාලි හා දකුණු සුඩානයේ සාමසාධක මෙහෙයුම්වල නිරතව සිටිති. එම සෙබලුන්ට විශේෂ ඉහළ වැටුප් තලද හිමිව ඇත. හමුදාපති ධූරයට ශවේන්ද්‍ර සිල්වා මහතා පත් කිරීමට එරෙහිව ප්‍රබල රටවල් රැසක්ද ජිනීවා මානව හිමිකම් කොමසාරිස්වරියද විරෝධය දැක්වූහ. ඒ අයගේ විරෝධය රජය එකහෙලාම ප්‍රතික්ෂේප කළේ ශ්‍රී ලංකාවට හමුදාපතිවරයකු පත්කර ගැනීම ශ්‍රී ලංකාවේ කාර්යයක් බව කියමිනි. මේ ගැන එකට එක කිරීමක් හැටියට සාමසාධක හමුදා වරම අහිමි කිරීම ගැන ඉදිරි දෙසතිය තුළ එ.ජා. බලධරයන් තීන්දුවක් ගනු ඇතැයි කියැවේ.