2019 අගෝස්තු 24 වන සෙනසුරාදා

ජිනීවා කොමිසම ශ්‍රී ලංකාවට එරෙහිව අවි අමෝරයි

 2019 අගෝස්තු 24 වන සෙනසුරාදා, ප.ව. 12:30 254

දේශපාලන වාර්තාකරු l

අමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර රටවල් විසින් ජිනිවා මානව හිමිකම් කොමිසමට ශ්‍රී ලංකාවට එරෙහිව නව යෝජනාවක් ගෙනඒමට සැලසුම් කර ඇතැයි ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග කියයි.

මෙම යෝජනාව ලබන සැප්තැම්බර් මස අවසානයේ පැවැත්වෙන විශේෂ සැසියට ඉදිරිපත් කෙරෙනු ඇතැයි දැනගන්නට ඇත. උතුරේ සන්හිඳියා ක්‍රියාවලිය සඳහා මෙයට පෙර ශ්‍රී ලංකා රජය ලබාදුන් පොරොන්දු ඉටුවී නොමැති බවත් වගවීමේ ක්‍රියාවලිය ඉතාමත් මන්දගාමි බවත් එම යෝජනාවෙහි ඇතුළත් වන බව වැඩිදුරටත් වාර්තා වෙයි. 
ශ්‍රී ලංකාව කලින් දුන් පොරොන්දු ඉටු නොකිරීම නිසා අප රටට එරෙහිව කිසියම් පියවරක් ගැනීමේ මුල් පියවර ලෙස මෙම යෝජනාව සැලකිය හැකියැයි මේ ගැන දේශයට කරුණු දැක්වූ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙක් සඳහන් කළේය.