2019 අගෝස්තු 24 වන සෙනසුරාදා

එජාප අපේක්ෂකත්වයට කරුගෙන් කොන්දේසි

 2019 අගෝස්තු 24 වන සෙනසුරාදා, ප.ව. 12:30 1094

I දේශපාලන වාර්තාකරු

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂකත්වයට නම යෝජනා වී ඇති කතානායක කරු ජයසූරිය මහතා ස්වකීය අපේක්ෂකත්වය වෙනුවෙන් පක්ෂයට කොන්දේසියක් ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව කරු ජයසූරිය මහතා අපේක්ෂකත්වය භාරගන්නේ රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස මහත්වරුද රවුෆ් හකීම්, චම්පික, මනෝ ගනේෂන් ආදී සෙසු පක්ෂ සියල්ලද, එකම වේදිකාවකට පැමිණ තමන්ට සහාය දෙන්නේ නම් පමණක් බව පක්ෂයට දන්වා ඇත. 

එසේම පක්ෂ කෘත්‍යාධිකාරිය හා මන්ත්‍රී කණ්ඩායම ද ස්වකීය නාමයෝජනාව බෙදීමකින් තොරව අනුමත කළ යුතු බවද ජයසූරිය මහතා කියා තිබේ.

ඒ සම්බන්ධව එ.ජා.පයේ තීරණය පැහැදිලි නැතත් රජයේ හවුල්කාර පක්ෂයක ප්‍රධානියකු සඳහන් කළේ කරු ජයසූරිය මහතාගේ නාමයෝජනාව දැන් ඉදිරියට පැමිණ ඇති බවය.