චමිඳු නිසල් l
ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේග සන්ධානය, දෙමළ ජාතික සන්ධානය අතුළු පක්ෂ ගණනාවක් සමඟ ඉදිරි ජනාධිපතිවරණය සම්න්ධයෙන් සාකච්ඡා ආරම්භ කර ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා දේශයට පැවසීය.
ඒ අතරම පක්ෂ විසින් පත්කර ලද විශේෂඥ කමිටුවක් විසින් ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජාතික ජන බලවේගය ඉදිරිපත් කරන තේමාව සහ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්පාදනය කිරීමේ කටයුතු සිදුකෙරෙමින් පවතින බවද හෙතෙම පැවසීය. පාර්ලිමේන්තුවේ සිටින දූෂණයට, භීෂණයට සම්බන්ධ නොවන පිරිස් සමඟ ඉදිරියේ දී සාකච්ඡා පුළුල් කෙරෙන බවත් මේ වනවිට සිවිල් සංවිධාන රැසක් සමඟ සාකච්ඡා අරඹ ඇති බවත් මන්ත්‍රීවරයා දේශයට පැවසීය.
මේ මාසයේ අග වනවිට කලාකරුවන්ට වෘත්තිකයන්ට වෙනවෙනම විශාල සමුළුවක් පැවත්වීමට ජාතික ජන බලවේගය සූදානමින් සිටින බව මෙහි දී ප්‍රකාශ විය. අගෝස්තු 18 වැනිදා රටේ විශාල වෙනසක් සිදුවූ අතර ඒ ඔස්සේ ඉදිරි සැලසුම් මෙහෙයවා සකස් කර ඇති බව බිමල් රත්නායක මහතා තවදුරත් පැවසීය.