I දේශපාලන වාර්තාකරු
එ.ජා. පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා ඉදිරි සතියේදී නම් කිරීමට ඉඩ ඇතැයි දේශයට වාර්තා වෙයි. ඒ සඳහා මන්ත්‍රී කණ්ඩායම හා කෘත්‍යාධිකාරිය එකට කැඳවීමට අපේක්ෂිතය.
රහස් ඡන්දයක් මගින් අපේක්ෂකයා තෝරා ගත යුතු බවට පසුපෙළ මන්ත්‍රී පිරිසක් දැනටමත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. ඒ සඳහා පක්ෂ නායකත්වයේ අනුමැතිය ලැබී ඇතැයි සඳහන් වේ.
අපේක්ෂකයා තෝරාගත් දිනම නව සන්ධානය ස්ථාපිත කෙරෙන බව පක්ෂ සභාපති කබීර් හෂීම් බ්‍රහස්පතින්දා ප්‍රකාශ කළේය.
එම කටයුතු අතරතුර සජිත් හිතවාදී මන්ත්‍රීන් සජිත් ප්‍රේමදාස මහතාගේ අපේක්ෂකත්වය වෙනුවෙන් අගෝස්තු මස අවසාන සතියේ කොළඹ ගාලු මුවදොර එ.ජා.ප. රැළියක් පැවැත්වීමටද කටයුතු සංවිධානය කර තිබේ.