I දේශපාලන වාර්තාකරු
ජනාධිපතිවරණය ලබන නොවැම්බර් මස 16 දින පැවැත්වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ආණ්ඩුවේ ඉහළ පෙළේ ආරංචි මාර්ග කියයි.
එහෙත් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මීට පෙර කියා සිටියේ ජනාධිපති මැතිවරණය නොවැම්බර් 15ත් දෙසැම්බර් 07 අතර කවර හෝ දිනක පැවැත්වීමට ඉඩ ඇති වගය.
මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පසුව මේ ගැන අදහස් දක්වමින් වැඩිදුරටත් දේශය සමඟ කියා සිටියේ ජනාධිපතිවරණය සඳහා අවම වශයෙන් දින 44කුත් හෝ උපරිම දින 65ක් හෝ අවශ්‍ය බවයි. අප වෙත ලැබී තිබෙන ආරංචි අනුව ජනාධිපතිවරණය කැඳවීමේ ප්‍රකාශය ඔක්තෝබර් මස මුල සතියේ දී නිකුත් කෙරෙනු ඇත.