I ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා
ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජනබලවේග සමුළුවේදී ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂකයා පක්ෂ නායක අනුරකුමාර දිසානායක මහතාද නැතිනම් හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතාදැයි අප ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතාගෙන් විමසූ විට ඔහු සඳහන් කළේ එය කලින් ප්‍රකාශ කිරීමෙන් එහි උණුසුම පහව යන හෙයින් සමුළුවේදී ප්‍රකාශ කරන තෙක් ඒ පිළිබඳ කිසිවක් කිව නොහැකි බවයි.
මන්ත්‍රීවරයා එසේ සඳහන් කළද ජනබලවේග ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට ඉඩ ඇත්තේ අනුර කුමාර දිසානායක මහතා බව තහවුරු නොකළ ආරංචි මාර්ග කියයි.
එකී ජනබලවේගයේ ජනාධිපතිධූර අපේක්ෂකයා නම් කිරීම සඳහා වන මහා රුළිය අද (18දා) සවස කොළඹ ගාලුමුවදොර පිටියේදී පැවැත්වේ.