I දේශපාලන වාර්තාකරු
විපක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂකත්වය ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදීම ගැන ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රබල බෙදීමක් හටගෙන තිබේ.
එහි නායක ඩිව් ගුණසේකර මහතා සහ ඔහුගේ හිතවාදීන් ගෝඨාගේ අපේක්ෂකත්වය අනුමත නොකරන බව කියා ඇත.
එහෙත් පක්ෂයේ මහ ලේකම්වරයා වන රාජා කොල්ලුරේ මහතාත් කො.ප. නියෝජිනය කරමින් දකුණු පළාත් සභාවේ අමාත්‍ය පදවි දැරූ වීරසුමන වීරසිංහ ඇතුළු පිරිසක් කියා සිටින්නේ විපක්ෂයෙන් ජයග්‍රහණය කළ හැකි අපේක්ෂකයා ගෝඨාභය නිසා ඔහුට පක්ෂ විය යුතු බවය. මේ හේතුවෙන් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය තුළ ප්‍රබල අභ්‍යන්තර අරගලයක් හටගෙන තිබේ.