ගයාන් ගාල්ලගේ l
එක්සත් ජාතික පක්ෂය මූලික කරගනිමින් ආරම්භ කරනු ලබන ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ හෙට (05) සුගතදාස ක්‍රීඩාංගණයේදී සුභ නැකතින් ස්ථාපිත කෙරේ.
මේ අවස්ථාවට එ.ජා.ප.යේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරු හා හවුල්කාර පක්ෂ ගණනාවක ජ්‍යෙෂ්ඨයෝ එක්වෙති.
මෙම නව පෙරමුණ සඳහා පක්ෂ කිහිපයක් ගිවිසුම් ගත වීමට සූදානම් බවට දැනගන්නට ඇතත් රවුෆ් හකීම් මහතා නියෝජනය කරන ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය මීට සහභාගි වීම තවම නිශ්චිතව තහවුරැ කර නැත. ඒ ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන අපේක්ෂකයා කවුද යන්න ප්‍රසිද්ධ නොකිරීම හේතුවෙන් බව කියති.
කෙසේ වෙතත් මේ සඳහා සැලකිය යුතු මැති ඇමතිවරු සංඛ්‍යාවක් එකඟතාවය පළකර නැති බවත් ඔවුන් ඊට සහභාගි වීමද නිශ්චිත නොවන බවත් දේශපාලන ආරංචි මාර්ග පවසයි. මේ අවස්ථාවට එකම එක්සත් ජාතික පක්ෂ පළාත්පාලන මන්ත්‍රීවරයකුට හෝ ආරාධනා කර නැත.