I දේශපාලන වාර්තාකරැ
විපක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයා “ජාතික අපේක්ෂක” ලෙස නම් කිරීමට ඒකාබද්ධ විපක්ෂය තීන්දු කළේය.
එය ලබන 11දා පැවැත්වෙන පොහොට්ටුව මහ සමුළුවේදී ප්‍රකාශයට පත් කෙරෙන බව එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් කීය.
ඒ සමඟ එදින මහින්ද රාජපක්ෂ මහතා විසින් නම් කරන අපේක්ෂකයාගේ නම විපක්ෂයේ සන්ධානයට ඇතුළත් ප්‍රධාන පක්ෂවල සම්මේලනවලට ඉදිරිපත් කොට සම්මත කරගැනීමටද ඒකාබද්ධ විපක්ෂයේ ජ්‍යෙෂ්ඨයෝ තීන්දු කළහ.
ඒ අනුව මුලින්ම විපක්ෂයේ ජාතික අපේක්ෂකයාගේ නම අනුමත කර ගැනීමට පිවිතුරැ හෙළ උරුමය ලබන සැප්තැම්බර් 01දා සිය පක්ෂ සම්මේලනය කැඳවා තිබේ. ඉන් අනතුරුව සැප්තැම්බර් 08දා ජාතික නිදහස් පෙරමුණ සිය පක්ෂ සම්මේලනය කැඳවා ඇත්තේද ජාතික අපේක්ෂකයාගේ නම අනුමත කර ගැනීමටයි.