2019 අගෝස්තු 03 වන සෙනසුරාදා

ජනපති අපේක්ෂකයා එජාප සන්ධානයෙන් ජෝන් අමරතුංග

 2019 අගෝස්තු 03 වන සෙනසුරාදා, ප.ව. 12:30 89

I ගයාන් ගාල්ලගේ
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් නව සන්ධානය ගොඩනගා එහි සෙසු පක්ෂ නායකයන්ගේ එකතුවෙන් ජනාධිපති අපේක්ෂකයා තෝරාපත්කර ගතයුතු බව සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා "දේශයට" පැවසීය.

එක්සත් ජාතික පක්ෂය තනි මතයට තීන්දු තීරණ නොගෙන අනෙක් පක්ෂ නායකයන්ගේ ද එකමුතුවෙන් ජයග්‍රහණය සඳහා කටයුතු කළයුතු බවද හෙතෙම කීය.

එජාපයෙන් අපේක්ෂකයකු ඉදිරිපත් කරනවා නම් ඒ සම්බන්ධයෙන් ද එම සන්ධානයේ පක්ෂ එක්ව තීරණයකට ආයුතු බව අමාත්‍යවරයා සඳහන් කළේය.