2019 අගෝස්තු 03 වන සෙනසුරාදා

ජනපති අපේක්ෂකයා තේරීමේ බලය එ.ජා.ප කෘත්‍යධිකාරියට ඕනෑ

 2019 අගෝස්තු 03 වන සෙනසුරාදා, ප.ව. 12:30 29

I ගයාන් ගාල්ලගේ
නව සන්ධානය සඳහා යෝජනා කරන ජනාධිපති අපේක්ෂකයා එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් සම්මත කොට පසුව ගාලු මුවදොර පිටියේ මහා සමුළුවක් පවත්වා එතුළින් ප්‍රසිද්ධියට පත්කළ යුතු බවට එජාපයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීන් හා ඇමැතින් පිරිසක් විසින් යෝජනා කර තිබේ.

එය පසුගිය සතියේ පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදි යෝජනා කර ඇති අතර එහෙත් එයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එකඟ වී නැත. අග්‍රාමාත්‍යවරයාගේ යෝජනාව වී ඇත්තේ නව සන්ධානය විසින් ඉදිරිපත් කරනු ලබන ජනාධිපති අපේක්ෂකයා සන්ධානයේ නායකත්ව මණ්ඩලය විසින් යෝජනා කළ යුතු බවය.

සන්ධානයට අදාළ ව්‍යාවස්ථාව සඳහා යෝජනා ඉදිරිපත් කරන ලෙසත් එහිදී දන්වා ඇති අතර නව සන්ධාන ව්‍යවස්ථාවට බහුතර දෙනා එකඟතාවය පළකර නැත.

කෙසේ වෙතත් මෙහිදී එජාපයේ තවත් මන්ත්‍රී කණ්ඩයමක් විසින් නව සන්ධානය ගොඩ නගනවා නම් එහි මහලේකම් ධුරය එජාපයට හිමිවිය යුතුබව දන්වා තිබේ. එහිදී සජිත් ප්‍රේමදාස මහතා නැගිට එම සන්ධානයේ මහලේකම් ධුරය තමන් බාර ගැනීමට කැමති බව දන්වා ඇතැයිද සඳහන් වේ.