I දේශපාලන වාර්තාකරු
එ.ජා.ප.යේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා ප්‍රකට දේශපාලනඥයන් ගණනාවක් සමඟ එක්වී නව දේශපාලන පෙරමුණක් නිර්මාණය කරමින් සිටින බව දේශය කළ විමසුමකට පිළිතුරැ ලෙස හෙතෙම පැවසීය.
එම දේශපාලන පෙරමුණ පරමාදර්ශී දේශපාලනය සඳහා වූ ජනතා ව්‍යාපාරය ලෙස නම් කරන බවද ඔහු සඳහන් කළේය.
මේ ගැන තමන් දැනටමත් විජේදාස රාජපක්ෂ, රෙජිනෝල්ඩ් කුරේ, අතාවුද සෙනෙවිරත්න ආදී ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් සමඟ කළ සාකච්ඡා සාර්ථක වී ඇතැයි පැවසූ හෙතෙම නව දේශපාලන ව්‍යාපාරය 29දා (හෙට) කොළඹ නව නගර ශාලාවේදී ජනගත කරන බවද කීය.
තම දේශපාලන පෙරමුණ ඉදිරි ජනාධිපතිවරණයේදී රටට හිතැති නායකයකුට සහාය දීමට අපේක්ෂා කරන බව පැවසූ අත්තනායක මහතා ජාතික ආරක්ෂාව අද මෙරට ප්‍රධානම අපේක්ෂාව වී ඇතැයිද ප්‍රකාශ කළේය.