I ගයාන් ගාල්ලගේ
තම ජනාධිපති අපේක්ෂකයා සහ ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අගෝස්තු මැදදී ජනතාව හමුවට ගෙන එන බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා දේශයට පැවසීය.
ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයෙන් සිවිල් සංවිධාන සහ කලාකරුවන්ගේ එකමුතුවෙන් ගෙන එන එම අපේක්ෂකයා අනෙක් සියලුම අපේක්ෂකයන්ට වඩා රට ගොඩනගන ජාතික ප්‍රතිපත්තියක් රැගෙන එන අපේක්ෂකයකු බව හෙතෙම සඳහන් කළේය.
මේ වනවිට එම අපේක්ෂකයා තෝරා ගැනීම සියලු දෙනාගේම එකතුවෙන් සිදුකෙරෙන බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් කීය.