
- චම්පික අනතුරු අඟවයි
සයිටම් සරසවියේ අර්බුදය රජය විසින් වහාම නොවිසඳුවහොත් මෙය ජනතා කැරුල්ලකින් කෙළවර විය හැකියැයි බස්නාහිර පළාත් සංවර්ධන හා මහනගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
අමාත්‍ය රණවක රජයට මෙම අනතුරැ ඇඟවීම සිදුකර ඇත්තේ මේ සතියේ අඟහරුවාදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදීය. අධිකරණ තීන්දුව අවසාන තීන්දුව ලෙස රජය පිළිගත්තේ නම් ඒ සම්බන්ධව ජනතාවගෙන් පළවන බරපතළ ප්‍රතිචාරද රජයට භුක්තිවිඳීමට සිදුවණු ඇතැයි කී අමාත්‍ය රණවක ජේ.ආර්. ජයවර්ධන යුගයේ උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය පිහිටුවීමේදීද මෙබඳු අර්බුදයක් හටගත් බවත්, ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාත් ඔහුට පසුව බලයට ආ ප්‍රේමදාස ජනාධිපතිතුමාත් එම වෛද්‍ය පීඨ රජය සතු කොට ප්රශ්නය හමාර කළ බවත් පෙන්වාදී ඇත.
I සංජීවිකා සමරතුංග