2019 ජුලි 13 වන සෙනසුරාදා

එල්ලුම්ගහට එරෙහිව එජාපයෙන් යෝජනාවක්

 2019 ජුලි 13 වන සෙනසුරාදා, ප.ව. 12:30 64

I දේශපාලන වාර්තාකරු

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට එරෙහිව පාර්ලිමේන්තුවේ විශේෂ යෝජනාවක් සම්මත කිරීමට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම තීන්දු කළේය.

ඒ අනුව මැති සබයේ ස්ථාවර නියෝග අත්හිටුවා මෙම යෝජනාව සම්මත කරගැනීමට ද මන්ත්‍රී කණ්ඩායම එකඟ විය. පසුගිය සිකුරාදා මෙම යෝජනාව ගැසට් පත්‍ර යේ පලකිරීමටත් අනතුරුව පාර්ලිමේන්තු  න්‍යායපුස්තකයට ඇතුලත් කිරීමටත් මැති සභා අනුමැතිය හිමිවිය.

අදාළ යෝජනාව ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතාගේ නමින් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට භාර දී තිබිණි.