2019 ජුලි 06 වන සෙනසුරාදා

දිනය දෙනකන් අපේක්ෂකයා රහසක් - එජාප පසුපෙළ මන්ත්‍රීවරු

 2019 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 12:30 269

I ගයාන් ගාල්ලගේ

එළඹෙන ජනාධිපතිවරණයට දින නියම කරණ තෙක් එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂකයා කවුද යන්න තීරණයක් ගැනීම හෝ නම් ප්‍රසිද්ධ කිරීමක් සිදු නොකළ යුතු බවට යෝජනාවක් පසුපෙළ මන්ත්‍රීවරු විසින් කෘත්‍යාධිකාරී මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බව එම කණ්ඩායමේ මන්ත්‍රීවරයෙක් දේශයට පැවසීය.

සෙසු පක්ෂ තම ජනාධිපතිවරණ අපේක්ෂකයන් කවුද යන්න ප්‍රකාශයට පත් නොකර ඇති මොහොතක එක්සත් ජාතික පෙරමුණ ඉක්මන් නොවිය යුතු බවද මෙහිදී දැනුම් දෙන බව එම මන්ත්‍රීවරයා වැඩිදුරටත් කීය.

එපමණක් නොව එක්සත් ජාතික පෙරමුණේ අනෙකුත් පක්ෂවල එකඟතාවයන් ගැන විමසා බලා එම පෙරමුණ ශක්තිමත් කරන තෙක් කිසිදු ආකාරයක හදිසිවීමක් අවශ්‍ය නොවන බව මෙහිදී දැනුම් දීමට නියමිත බව මන්ත්‍රිවරයා මෙහිදී සඳහන් කළේය.