2019 ජුනි 29 වන සෙනසුරාදා

රට මාළුවලට බදු ගහලා මාළු මිල නගී

 2019 ජුනි 29 වන සෙනසුරාදා, ප.ව. 12:30 161

I යසවර්ධන රුද්රිගු

මේ දිනවල මාළු මිල අසීමිත ලෙස ඉහළ යාමට හේතුව වාරකන් කාලය සහ ආනයනය කරන තලපත් සහ කොප්පරා මාළුවලට මෙතෙක් කිලෝවකට අයකළ රුපියල් 25ක්වූ ආනයන බද්ද රුපියල් 100 දක්වා ඉහළ නැංවීම බව පෑලියගොඩ වෙළෙඳ සංකීර්ණයේ මත්ස්‍ය තොග වෙළෙඳුන්ගේ සංගමයේ ලේකම් ජයන්ත කුරේ පැවසීය.

රුපියලේ විදේශ අගය අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව පහළ බැස තිබීමද තවත් හේතුවක් බව ඔහු වැඩිදුරටත් කීය. දැනට මෙරටට මසුන් ආනයනය කරනු ලබන්නේ ඉන්දියාව, තායිලන්තය සහ යේමනය යන රටවලිනි.

මෙයට පෙර මසකට අඩි 40 මත්ස්‍ය කන්ටේනර් 20ක පමණ මසුන් ගෙන්වන නමුත් මේ වනවිට එම සංඛ්‍යාව 10කටත් වඩා අඩුව ඇතැයි ඔහු කියයි. මෙලෙස ආනයනය කරන මසුන්ද වැඩි කොටස යුද හමුදාව මගින් මිලට ගන්නා නිසා සාමාන්‍ය වෙළෙඳපොළට එක් නොවන බවද ඔහු කියයි.

මේ වනවිට දේශීය වෙළෙඳපොළේ වැඩි ඉල්ලුමක් ඇති තලපත් සහ කොප්පරා මාළු කිලෝව රුපියල් 1500 දක්වා ඉහළ නැග ඇති අතර සෙසු කුඩා මසුන් මිලද එයට සමානුපාතිකව ඉහළ ගොස් තිබේ.

 2025 ජුලි 26 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජුලි 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 12 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00