2019 ජුනි 29 වන සෙනසුරාදා

ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක් මාධ්‍ය ආයතනයකට පොලු තියලා

 2019 ජුනි 29 වන සෙනසුරාදා, ප.ව. 12:30 49

I දේශපාලන වාර්තාකරු

රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු විසින් ස්වකීය අමාත්‍යංශයේ සේවාවන් ගැන රාජ්‍ය මාධ්‍ය ආයතනයක් විසින් සිදුකළ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 137කට අධික මුදලක් නොගෙවීම නිසා අදාළ මාධ්‍ය ආයතනය දැඩි අර්බුදයකට මුහුණ දී ඇතැයි වාර්තා වෙයි.

මාස ගණනක් තිස්සේ කරන ලද ප්‍රචාරක දැන්වීම් වෙනුවෙන් මෙම මුදල් අදාළ මාධ්‍ය ආයතනයට අයවිය යුතුව තිබේ. දැනට බරපතළ ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ පවත්වාගෙන යන මෙකී රාජ්‍ය මාධ්‍ය ආයතනයේ බොහෝ මාසවල වැටුප් ගෙවීම පවා සිදුකරන්නේ භාණ්ඩාගාර අනුමැතියෙන් විශේෂ බැංකු අයිරා ලබා ගනිමින් බවද වාර්තා වෙයි.