2019 ජුනි 22 වන සෙනසුරාදා

බුද්ධි ලොක්කන්ගෙන් ප්‍රශ්නකිරීම් නවතී

 2019 ජුනි 22 වන සෙනසුරාදා, ප.ව. 12:30 21

I ආරක්ෂක වාර්තාකරු

පාස්කු බෝම්බ ප්‍රහාරය ගැන කරුණු විමර්ශනය කරන පාර්ලිමේන්තු කාරක සභාවට රාජ්‍ය බුද්ධි අංශවල ප්‍රධානීන් කිසිවකු හෝ කැඳවා ප්‍රශ්න නොකිරීමට එම කමිටුව තීන්දුකර ඇතැයි දේශයට වාර්තා වෙයි.

ඉහළ පෙළේ පාර්ලිමේන්තු ආංරචි මාර්ග සඳහන් කළේ ජනාධිපතිවරයා කතානායකවරයාගෙන් කරන ලද විශේෂ ඉල්ලීමක් හේතුවෙන් මෙම තීරණය ගත් බවයි. එහෙත් ජනාධිපතිවරයා බුද්ධි අංශ ප්‍රධානීන්ගෙන් ප්‍රශ්න නොකරන්නැයි ඉල්ලීමට පෙර කමිටුව තීරණය කර තිබුණේ රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී නිලන්ත ජයවර්ධන, සී.අයි.ඩීය භාර නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න, සී.අයි.ඩී.යේ අධ්‍යක්ෂ ශානි අබේසේකර වැනි ඉහළ පෙළේ බුද්ධි අංශ ප්‍රධානීන් කැඳවා මේ ගැන ප්‍රශ්න කිරීමටයි.