I සංජීවිකා සමරතුංග
රටට සෙත්පතා ජූලි මස 12 වැනි දින විශේෂ ජයපිරිත් සජ්ඣායනයක් සිදුකිරීමට ඒකාබද්ධ විපක්ෂය ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණයක් කර ඇත.
මහා සංඝයා වහන්සේලා පන්දහසක් නමකගේ සහභාගීත්වයෙන් මෙම ජය පිරිත් සජ්ඣායනය පැවැත්වෙන්නේ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදීය. රටේ හටගෙන ඇති අර්බුදකාරී තත්ත්වය සමනය වී රටට හා ජනතාවට සෙත් ශාන්තිය ප්‍රාර්ථනා කිරීම මෙම ජය පිරිත් දේශනයේ අරමුණ බව එම පක්ෂය පවසයි.