2019 ජුනි 08 වන සෙනසුරාදා

රාජ්‍ය බුද්ධි ඒකකය අලුත් වෙයි

 2019 ජුනි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30 67

I ගයාන් ගාල්ලගේ

බුද්ධි තොරතුරු ලබා ගැනීම සඳහා නව බුද්ධි සැලසුමක් සැකසීමට රාජ්‍ය බුද්ධි ඒකකය සහ ජාතික බුද්ධි කාර්යාංශයේ කටයුතු කරමින් සිටිනා බව ආරක්ෂක ආරංචි මාර්ග පවසයි.

වර්තමානයේ ඇතිව තිබෙන ජාත්‍යන්තර ත්‍රස්තවාදී අනතුරත් සමඟ ඒවා සම්බන්ධයෙන්ද තොරතුරු ලබාගත හැකිවන ආකාරයට එය සැකසෙන බව සඳහන් වේ.

ඒ සඳහා ග්‍රාමීය මට්ටමින් සිවිල් ප්‍රජාව යොදා ගැනීමත් විශේෂයෙන් සියලුම ආරක්ෂක අංශ ඒකාබද්ධ කොට තොරතුරු ලබාගැනීමත් මෙහිදී සිදුකරන බව සඳහන් වේ.