2019 මැයි 18 වන සෙනසුරාදා

ඇමැති රිෂාඩ්ට එරෙහි විශ්වාසභංගය බාරදෙයි

 2019 මැයි 18 වන සෙනසුරාදා, පෙ.ව. 08:00 52

හසිත් අංජන I

ඒකාබද්ධ විපක්ෂය විසින් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයුදීන් මහතාට එරෙහිව ඉදිරිපත් කරනු ලැබූ විශ්වාසභංග යෝජනාව බ්‍රහස්පතින්දා (16දා) පෙරවරුවේ කතානායකවරයාට භාරදෙනු ලැබීය.

විශ්වාසභංග යෝජනාව සඳහා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 66 දෙනකු පමණ අත්සන් තබා තිබිණි. විශ්වාසභංග යෝජනාව භාරදීමේ අවස්ථාවට විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීන් වන කංචන විජේසේකර, අනුරාධ ජයරත්න සහ තේනුක විදානගමගේ යන මහත්වරු ද එක්වී සිටියහ.

ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කළ මෙම විශ්වාසභංග යෝජනාව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එස්.බී. දිසානායක, ඩිලාන් පෙරේරා ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් ද අත්සන් තබා තිබිණි.